Saturday, July 7, 2012





බාල වයස්කාර දැරියක් කෙලසු අකුරෙස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් නැමැත්තා ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.




නීතිය කැලේ යුක්‌තිය ඇලේ
මේ රටේ ප්‍රාදේශීය දේශපාලනයට පිවිසෙන්න වුන්ගෙන් සියයට අසූවකට ආසන්න ප්‍රමාණයක්‌ ප්‍රාදේශීය මට්‌ටමේ අපරාධකාරයන් බව පොලිසිය මගින් කළ නිරීක්‌ෂණයකදී හෙළිදරව් වූයේය. තම පක්‌ෂයේ ප්‍රාදේශීය දේශපාලකයින්ගේ ස්‌වරූපය විටෙක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේනම පොලොන්නරුවේදී කියා තිබිණි. උදාහරණ කොට දැක්‌විය හැකි සමහර කාලකණ්‌ණින් දේශපාලනය කරන්නේ ප්‍රාදේශීය සභාවට, පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට පැමිණ ස්‌වකීය අපරාධ සම්බන්ධව නිකුත් කර ඇති උසාවි වරෙන්තුවලින් බේරෙන්නටය. අපරාධකාරයන්ව, කප්පම්කාරයන්ව දේශපාලන පක්‌ෂ තම නියෝජිතයන් ලෙස පත් කර ගනිති. රටේ මිනිස්‌සු පෝලිමේ ගොස්‌ උන්ට ඡන්දය දෙති. ඒ අනුව මේ අමනකම් රටට ප්‍රශ්නයක්‌ නැත. සන්නද්ධ පාතාල කල්ලිවල කප්පම් ගැනීම මේ රටට අරුමයක්‌ නොවේ. උන් කප්පම් ගනිති. කප්පම් නොදෙන්නෝ මරා දමති. මිනී මරුවෝ රටේ වැඩකාරයින් බවට පත්වෙති. පොලීසියත් දේශපාලන බලවතුනුත් උන් ආරක්‌ෂා කරති.මේ මොහොත වනවිට ලංකාවේ පොලිසිය සම්බන්ධව කරනු ලබනා පත්වීම්වලින් සියයට අනූවක්‌ සිද්ධවන්නේ දේශපාලන අවශ්‍යතා පදනම් කරගනිමිනි. පළාතේ පොලිසිය පිළිබඳ තීරණ ගන්නේ බලයේ සිටිනා දේශපාලනයේ සංවිධායකවරයා විසිනි. ඡේෂ්ඨ නියොජ්‍ය පොලිස්‌පතිවරයාගේ සිට ප්‍රදේශයේ පොලිස්‌ ස්‌ථානාධිපති දක්‌වා දේශපාලන පත්වීම් වනවිට කප්පම් ගැනීම් පැහැර ගැනීම් කුඩු, කසිප්පු හෝ මත්ද්‍රව්‍ය අලෙවිය ඇතුළු සමාජ විරෝධී පාදඩකම් නතර වන්නේ නැත. කුඩුවලට ඇබ්බැහි වූවන් පනස්‌ දහසක්‌ සිටින රටක, කුඩු කිලෝවක්‌ ලක්‌ෂ අසූවකට ආසන්න මිලකට අලෙවි වන රටක, දිනකට රුපියල් ලක්‌ෂ දෙසීයකට වැඩි මිලක්‌ සහිත කුඩු ගහන කාලකණ්‌ණින් සිටින රටක ප්‍රධානම කුඩු ජාවාරම්කරුවන් හා කප්පම්කරුවන් පාර්ලිමේන්තුවල රැකවරණය ලබන්නේය. කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ බුද්ධි අංශ ස්‌ථානාධිපතිවරයා මිනිස්‌ ජාවාරම් කරනු ලබනා අපාරාධකාරයෙකුගෙන් කප්පම් ගැනීමට ගොස්‌ රටට නෝන්ඩි වන්නේය. ඒ මේ රටේ අවනීතිය ගතවන මොහොතේ සජීවී වන හැටිය

No comments:

Post a Comment