Saturday, July 7, 2012
විශ්වවිද්‍යාල දේශපාලනීකරණය කිරීමෙන් වළක්‌වාලන ලෙස ද ආචාර්යවරුන්ගේ සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. මේ ඉල්ලීමට මාරාවේශ වූ උසස් අධ්‍යාපන ඇමැතිවරයා පවසන්නේ තමන් උත්සාහ කරන්නේද විශ්වවිද්‍යාල තුළ දේශපාලනය කිරීම අවසන් කිරීමට යෑයි අඳබාල තර්ක ගෙන ආවේය. ඔහුට අනුව විශ්වවිද්‍යාල දේශපාලනීකරණය වීම යනු ශිෂ්‍යයන් විසින් ශිෂ්‍ය සංගම් හරහා කරනු ලබන ක්‍රියාකාරකම් ය. නයාට අඳුකොළ මෙන් ජනතා විමුක්‌ති පෙරමුණ උසස් අධ්‍යාපන ඇමැතිවරයාට අඳුකොළ ය. එහෙයින් ජනතා විමුක්‌ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය සංගම් මර්දනය කිරීම ඔහුගේ එකම අරමුණ ය. තමන්ට විරෝධය පානා සිසුන් අල්ලා හිරේ දාන්න තරම් මේ ඇමැතිවරයා ඔලමොල වී ඇත්තේ එහෙයිනි. උසස් අධ්‍යාපන ඇමැතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතිය නිසා අද වන විට කැලණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් ආණ්‌ඩුවේ සුවච කීකරු ආයතන බවට පත්ව සිටී. මේ තත්ත්වය කොයි තරම් බරපතළ ද යත් ආචාර්යවරුන්ගේ සම්මේලනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය පළ නොකොට තමන් සාර්ථකව අධ්‍යයන කටයුතු කරගෙන යන බව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය කියා සිටී. පසුගිය මහ මැතිවරණ සමයේ, කැලණිය "ගඳගස්‌වන" එක්‌තරා දේශපාලකයකුගේ ප්‍රචාරක ව්‍යාපෘති මධ්‍යස්‌ථානය බවට පත්ව තිබූ කැලණිය විශ්වවිද්‍යාලය යළි "විද්‍යාලංකාර" යුගයට ඒ යෑයි බලාපොරොත්තු තැබීම අප මුලාවේ වැටීමකි. කැලණිය විශ්වවිද්‍යාලය පමණක් නොව අනෙකුත් විශ්වවිද්‍යාල ද අධ්‍යයන කටයුතු අඩාල නොවී පවත්වාගෙන යයි නම් අප සතුටු විය යුතුය. එහෙත් දේශපාලන පාදඩකරණයට යටවී විශ්වවිද්‍යාලය නමැති චින්තන පර්ෂද වැඩවසම් යුගයට ගෙන යැම කිසිවකුටත් අනුමත කළ නොහැක. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති නිරමාල් රංජිත් දේවසිරි මහතා පස්‌සේ පන්නන්නේ ඒ පාදඩ දේශපාලනය ය. මේ නිසා කැලණිය විශ්වවිද්‍යාලයේ "කීකරු ආචාර්ය මණ්‌ඩලය" අද දවසේ ආරක්‌ෂා කරන ඊනියා ප්‍රතිපත්තිය අනාගතයේ රටේ උසස් අධ්‍යාපනයේ මළගමට පාර කැපීමක් බව නො
කියා සිටින්නට නම් බැරිය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment